විදුහල්පති පණිවිඩය
ර/අමුහේන්කන්ද ශ්‍රී විමලසාර ම.වි

නවීන අධ්‍යාපන තාක්ෂණ මාධ්‍ය පිවිසීමත් සමඟ අප පාසලේ තොරතුරු තාක්ෂණ අංශයෙන් ද පසුගිය වසර කිහිපයක සිට දියුණුවක් අත්කරගනිමින් ඉදිරියට යමින් ඇත.විද්‍යාලීය තොරතුරු සමාජ ගත කිරීමේදී විවිධ පාර්ශවයන් සමඟ සම්බන්ධ වීමේදී නවීන තාක්ෂණයත් සමඟ පහසු මාධ්‍යයක් ලෙස පාසල් වෙබ් අඩවියක් නිර්මාණය කර ගැනීම අත්‍යවශ්‍යය කටයුත්තක් විය.ඒ අනුව මෙම වෙබ් අඩවිය නිර්මාණය කර ගැනීමට හැකි වීමත් එය ඵලදායී ලෙස ඉදිරි කටයුතු වෙනුවෙන් යොදා ගැනීමටත් හැකිවනු ඇතැයි මා විශ්වාස කරමි.මේ හා සම්බන්ධ වන සියලු පාර්ශවයන්ට අප පාසල් වෙබ් අඩවිය සමඟ එක් වන ලෙසත් පාසලේ සංවර්ධනයට,උන්නතියට සහයෝගයක් දක්වන ලෙසත් සුහදව ආරාධනා කර සිටිමි.
තොරතුරු තාක්ෂණ අංශය මඟින් ඉටුකළා වූ මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීමට අප හා එක් වූ සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමමි.ඵලදායී සහශ්‍රයට යහගුණ පිරි වැඩදායී සිසු පරපුරක් බිහි කර ගැනීමේ අප වෑයම සාර්ථක වේවායි ද සියලු දරු දැරියන්ට අධ්‍යාපන කටයුතු සාර්ථක කර කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවායි ද පතමි....
විදුහල්පති,
ර/අමුහේන්කන්ද ශ්‍රී විමලසාර ම.වි